Orb: On the Movements of the Earth කියන්නේ Uoto විසින් රචනා කරපු ජපන් මංගා කතා මාලාවක්. මේක ප්‍රථම වරට March 30, 2020 දිනයේ නිකුත් වුණා. මේ වෙනකොට Volume 8ක් නිකුත් වෙලා තියෙනවා වගේම මේ මංගා එක විද්‍යාත්මක කතාන්දරයක්, ඒකට විශේෂයෙන්ම ඉතිහාසය සහ ගවේෂණය එකතු වෙලා තියෙනවා. මේ කතාව IMD දර්ශකයේ 8.3/10 ක් ලබාගෙන තියෙනවා!
කතාව පැත්තට ගියොත්…
මේ කතාවේ ප්‍රධාන චරිතය තමා රාෆාල් කියන ළමයා. තියෙන කුතුහලය නිසාම මෙයා පෘථිවිය චලනය වෙන්නේ කොහොමද කියලා, හොයන්න ගන්නවා. හැබැයි එහෙම කරන්න යද්දී මෙයාට ධර්මය, බලය සහ සමාජයේ තියෙන මතවාද වලින් බාධා ඇතිවෙනවා. සමාජ මතයකට විරුද්ධ වෙනව කියන්නෙ අතීතයේදි මරණ දණ්ඩනය උනත් ලැබෙන්න පුලුවන් අපරාදයක්. ඉතිං ඒ වගේ දුශ්කරතා මැදින්, ලෝකයේ ඇත්ත සොයාගෙන යන පුංචි ගවේෂකයෙක්ගෙ කතාවක් තමයි මේ…..